Tuesday, June 17, 2014

මහව ගියාලු

කාලෙක ඉදන් තිබ්බ උනක් තමා Prime Mover ඒකක් එලවන එක. IT  වලට ගෙදරින් යැව්වට, ටිකක් ටිකක් ඒව පුලුවන් උනාට අරක තමා ආසාව. කොහොමහරි පෙරේදා ගිහින් සැහැල්ලු වාහන බරවාහන කරන්න ගත්තා. මෙඩිකල් ගන්න එක නම් එපා උනා. ඒකෙ උන්ගෙ ශෝ බලලම. කොහොමහරි ඔය වැඩ ඉවර වෙනවා එක්කම මහව යන්න සෙට් උනා. අපේ විපුලයට ලැපක් ගන්න. මාත් ගිහින් ස්ටෑන්ඩ් එකේ තිබ්බ හිස් ctb එකක ඉද ගත්තා. හෙඩිසෙට් එකත් ගහන් ටිකක් ඉද්දි කවුදෝ එහාපැත්තෙ ඉදගත්තා. කෙල්ලෙක් ලැප් එකක් තියන් ඉන්නේ. අනේ මන්දා මට හිතාගන්න බෑ මං බස් එකෙන් බැහැල ඊලඟ එකේ නැග්ග. පරන දේවල් කොච්චර අමතක කරන්න හැදුවත් ඒව මතක්වෙන සිද්ධි මයි වෙන්නෙ. අමතක කෙසේ වෙතත් තව කෙනෙක් ඔයාගෙ තැනට එනවට මං කැමති නෑ.
මං මහවට යද්දි මගෙ ෆෝන් ඕෆ්. මොනාඋනත් විපුලයට‍යි තව අයියෙකුයි ඇවිත් හිටිය. ඒ අයිය සුරේන්, කරන්නෙ සිවිල් හැබැයි ටෙක් එකේ. මොකේ මොනා කලත් හිත හොද කොල්ලෙක්. ඉතිං අපි බැංකුවට ගිහින් සල්ලි අරං ආව. ඇවිත් abance එකට ගියා. යද්දී උන් කනවා. අපි උං එනකන් ඒකෙ බඩු ගනං කරා. කොහොමත් වැඩියෙන් තිබ්බෙ පෙට්ටි. හිස් ඒව. මේ මගුල් කරද්දි හොද වෙලාවට චාජරයක් හම්බුනා පින් 20 විතර තියන. ෆෝන් එක ඒකට ගහල අපි කථාවක් දාන් හිටියා. කොහොමහරි මූට ලැපක් ගත්තා. ගත්තෙ ගෙවන්න.සුරේනය ඇප උනා, පව් අහිංසක‍යා. ඒකෙ තිබ්බෙ DOS පට්ට. උන් දන්න මගුලක් නෑ dos මුං දන්නෙත් නෑ.  මං දන්නෙත් ටිකයි. කමක්  නෑ ගැහුව "?" මෙන්න හෙල්ප් එක එනවා. අරුන්ට මැජික්. ඔහොම රන් කමාන්ඩ් ටිකක් ගැහුවම මං වැඩකාරයා එතන. කොහොමහරි ලැප අරං ආව. ස්ටේෂන් එකට එද්දි මෙන්න බඩු තෙල් කෝච්චියක් ඇවිත්. අම්බෝ එන්ජින් දෙකයි M8 M10 පට්ට. ඇතිවනකං ෆොටෝ ගැහුව. ටිකක් යද්දි ආව කොළඹ එක පොසොන් ස්පෙශල් එක. පට්ට සෙනගක්. ඇතුලෙ නෙමේ එලියෙ. ඉදල හිටල කෝච්චියක යන මිනිස්සුන් අදුන ගන්න පුලුවන්. නැවත්තපු ගමන් බහින පෙට්ටි ගානෙ ඇවිදින අනිත් අය බබාලා කියල හිතන ඒවගේ උන් නම්  මට පේන්න බෑ.කොහොමහරි අහක බලං නැග්ග කියමුකෝ.නැග්ග කියුවට කෑල්ලක් වත් ඇතූලෙ නෑ සම්පූර්ණම එලියෙ.  වවුල වගේ එල්ලිලා යනව. ඒ අස්සෙ ඊයේත් එකෙක් එල්ලිලා ගිහින් පාලමක වැදිලා මැරිලා කියනව. ඇත්තටම ගෙදර ඇවිත් හිතකොට තමා බරපතළ කම පේන්නෙ. කොහොමහරි එන්න පුලුවන් අවදානම්ම විදියට නාගොල්ලාගමට ආව. කොහොමහරි අරුන්ගේ ගෙදර ගිහින් රැ අපේ ගෙදර යන්න ආව
ආව කියුවට ආව හැටි ඊලග පෝස්ට් එකෙන් දාන්නම්

No comments:

Post a Comment