අම්බෝ 12 යන්න හිටිය ගමන කැන්සල් උන නිසා 13 ගියා. කොහෙද අහන්න එපා කලින් ගිය ගමන් ගැන ලියලා දැන් ඒ පැතිවල යන්නත් බෑ වගේ. ඒනිසා මේපාර නම් විතරක් නෙමේ ගමුත් මනංකල්පිතයි හොඳද.
කොහොමහරි අපි එහෙ ගියා ඒ පැත්තෙ දන්සල් වලටත් ගියා වෙසක් බැලුවා කූඩු හැදුවා යාලුවො සෙට් වෙලා එලිවෙනකන් කියව කියව ඉදල ආව.
මෙච්චරයි කතාව හොදේ.
ඔය ඉතින් බැනුම් නාහ ලියන්න පුලුවන් ටික මීට අමතරව ගියතැන් එහෙම ලියුවොත් වෙසක් නෙමේ
පොසොනුත් ඉවරයි.
කොහොමහරි 15 මම ගෙදර ආව.ඇවිත් කුරුණෑගල පැත්තෙ රවුමක් යන්න ගියා, යද්දිම කෝල් එකක් "මල්ලි කොහෙද ඉන්නෙ වෙසක් බලන්න යමුද?" සාමාන්‍යයෙන් ඕන ගමනකට ඕන වෙලාවක මම එවරෙඩි. හරි අයියෙ යමු මොකේද යන්නෙ. "අක්ක කෙනෙක් ඉන්නව එයාට යන්න කෙනෙක් නෑ අපි කට්ටිය අපේ බයික් එකේ ඔයා එයා එක්ක එන්න" ඉතින් බෑ කියන්නේ කොහොමද අප්පා ගියා. අප්පට සිරි අදුනන අක්කෙක්නෙ. මේ අක්ක වැඩ කලේ මොකක්ද ඒකට කියන්නෙ අර තුවාල වලට බෙහෙත් දාන හෙන ෆේමස් තැනක් ඒකෙ නම දැම්මොත් තුවාලයක් උනොත් බෙහෙත් දාගන්න වෙන්නෑ ඒකෙ නම ඕන නෑ අක්කගෙ නම හංසි ගම ගල්නෑව. අක්ක කියුවට එච්චර වයස නෑ වගේ ඒත් එයා අක්කෙක් හොදේ. කොහොම හරි එයාට තිබුනෙ pleasure එකක් අලුත්ම. අයියෝ කියල හිතුන ඒක දැක්කාම. දන්නවනෙ ඒවෙ යද්දි අර බිත්තරයක් උඩ යනව වගේනෙ. කොහොම හරි වදුරාගලින් ගමන පටන් ගත්තා. පොතුහැරට යනකනුත් නෝ දන්සල් කොහොමහරි මුලින්ම සෙට් උනේ උනු ජාතියක් ඒව බෙලිමල් ලු මට නම් තේරුනේ උනුවතුර වගේ. නිකන් දෙනවනම් ඕන එකක්නෙ. ආයෙත් අපි යනවා, අර අයියයි අක්කයි පොඩි එකයි හයියෙන් යනවා අපේ එකේ 40 පනින කොටම අර අක්ක හිමින් යමු කියල කෑ ගහනවා. හයියෙන් යද්දි බයයිවගේ කොහෙද තාම අවිවාහකනෙ අර අක්කටනම් එක්ස්පීරියන්ස් තියනවා. කොහොමහරි පොල්ගහවෙලින් සුප් බිව්වා. ආයෙ කෑගල්ල පාරෙ යද්දි කිරිකෝපි හම්බුනා. කොහොම හරි ටිකක් යද්දි හම්බුනා නූඩ්ල්ස් දන්සලක්. අපිත් ඉතින් බයික් නවත්තල පෝලිමට ආව. ඒ එද්දි පෝලිම ඩබල් වෙලා. මොනාකරන්නද. එකපාරටම "ඔය බබා වඩන් ඉන්න මහත්තයට ඉඩ දෙන්න" පෝලිම බාර දන්සල් නියෝජිතයා කෑ ගහනවා. දැන් ඒ දෙන්නම ගියා "ඉන්නකො මහත්තයට එන්න කියුවෙ කියල අක්කව තියල අයියව ඇතුලට ගත්තා. පොඩි එකා මෙන්න බැහැල වටෙන් ආව. අක්ක පොඩි එකා වඩාගත්ත, "ඔය බබා වඩන් ඉන්න මිස්ට එන්න ඉඩ දෙන්න" අක්කත් ඇතුලෙ. දැන් මමයි හංසි අක්කයි එලියෙ කොහොම හරි අපි මලක් කඩ කඩ ඉදන් ඇතුලට ගියා. අපිට කොහෙද බබාල නේද හංසි අක්කෙ.
ඒකෙන් කාල අපි ගියා වට්ටාරමට, මමනම් ගියාමයි හංසි අක්කත් එහෙමමයි. ඒකෙනම් වැඩි විස්තර නෑ සෙනග ගොඩයි. එහෙමම ඇවිත් අපි කෑගල්ල රඹුක්කන කටුපිටිය හරහා ආව. ගොඩක්ම මේ පෝස්ට් එක දැම්මෙ අපිව දැකල කවුරුහරි වැරැදි වැටහීමක් ඇතිකර ගනී කියලා හොදේ.
ප.ලි.
මේක බලල අතුරු ප්‍රශ්න අහන අපේ උන්ට අහන මගුලක් අහපන් කවුරුත් නැති වෙලාවකට හම්බුනාම.
Friday, May 16, 2014
වෙසක් ඉවරද අප්පා...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment