Saturday, April 26, 2014

Trip to තලාකොළවැව

මේ ලගදි අවුරුද්දට යාළුවෙක්ගෙ දුක බෙදාගන්න තවත් උන් දෙන්නෙක් එක්ක මම තලාකොළවැව ගියා. තලාකොළවැව කියන්නෙ කුරුණෑගල පොල්පිතිගම සයිඩ් එකේ ටිකක් ඩොටේ තියන ලස්සන ගමක්, කොහොමත් උතුරු මැදට ලං වෙනකොට වැව් ලග තියන ගම් වලට වැවේ නම එන එක සාමාන්‍යයි. 3ට විතර බස් නැගල අපි ගමන පටන් ගත්ත. කොහොමත් දුක නෑ මඩගල්ල පාර දැක්කම දඹුලු පාරෙ ආව මහන්සිය කොහෙන් ගියාද දන්නෑ, අන්න ආශ්චර්‍යෙය පිස්සු හැදෙනවා. මාරම කාපට් දෙපැත්‍තෙ සුදු ඉරි මැද ඩබල් ඉරි අඩියෙන් අඩිය කහ ඉරි චිත්‍රයක් වගේ... 'පුතේ මේක හදල තාම මාසයක් නෑ" එහා පැත්තෙ වයසක අංකල් කෙනෙක් කියනවා, "ඊයෙ ට හරියටම මරන දහයයි" අනේ වාසනාවන් කියල අල්ලන් හිටපු පොල්ල මම බදාගත්ත "මුං පාර හැදුව තමා ඒත් කාපුව ඒවයෙ පවට තමා ඔය" අම්මෝ අපි මේ පිළිවතින් සැදී පැහැදී යනකොට මෙයා අපිව බය කරනවා ඒහින්දා අපි ටිකක් ඉස්සරහට ගියා
කොහොමහරි ඔන්න අපි එගොඩගමට ආව. අම්මෝ පායනවා සුපි‍රියට දැන් මෙතන ඉදන් තව කි.මී 5ක් විතර යන්න ඕන. ආදරනීය යාලුව එනකන් අපි ටිකටික ගමන පටන් ගත්ත. අත් දෙක හිස් නිසා අමාරැවක් නැතුව ගිය හැකී, කොහොම හරි ටිකක් කියන්නෙ ගේ ලගටම වගේ යනකොට මූ ලොරියක් අරන් ආව. මොනාඋනත් "මොනාද බන් ගෙනාවෙ කියල මූ අපිව ආදරයෙන් පිලිගත්තා, අපිත් ඉතින් ගේ ලගින් ගන්න ආවෙ උඹ ආව නිසා මොකුත් ගන්නත් බැ‍රිඋනා කියල හුගක් දුක් උනා, හැබැයි ඌනම් ඇත්තටම දුක් උනා. මොනා උනත් උන්ගෙ අම්ම අපිට රයිස් හදල අයියෝ ඇන්ටි අපරාදෙනෙ මහන්සි උනේ කියල අපි ඒ මහන්සියට නිසි වටිනාකම දුන්නා මොනා උනත් තලාකොළවැව පැත්තෙ මිනිස්සුන්ගෙ මාර විදියට මනුස්සකං තියනවා.
එදා උන්ගෙ ගෙදරත් කට්‍ටිය ගොඩයි, ඌට අපි සුදූකියමුකො සුදූගෙ අයිය රට, නෑදෑ අයියල සෙට් එකක් ඉන්නව උන් ඔක්කොම ලෝකෙ කාල මදිපාඩුවට තව ප්‍රොක්සිමා සෙන්චූ‍රියසුත් කන්න වගේ ඉන්නෙ.එයාලගෙ කතා තව ඉස්සරහට දෙන්නම්.
කොහොමහරි නාන්නයි යාලුකම බෙදාගන්නයි අපි ගෙදරින් ටිකක් පිටට ආව වැව පැත්තට කියල හිතාගන්නකො අපේ එකෙක් කොළඹ කැම්පස් ඌ ඩොටා කියමුකො අනිකත් හෙන අංකූරෙක් ඌ විපුල් කියමුකො ඉතින් ඒ ටික කොටු කොටු කොටු
මොනා උනත් කැම්පස් ගියාම ළමයි නරක් වෙනවා ඉස්සර හදුන් කූරැවල දුමත් සැරයි කියන එකා අපට ඇස්වලින් දුං දාල පෙන්නනවා
කොහොම හරි නාල යද්දි සුදූලගෙ අම්ම අපට නූඩ්ල්ස් හදල අනේ ඉතිං මහන්සිය කියල අපි ඒවටත් දශ්ට කලා. ඒකරලා කාපුවා බහින්න නිදාගත්ත මේකෙ හොද හොද සීන් මැද තියනවා ඒටික ටික ටික දාන්නම්කො