Sunday, October 4, 2015

ශාන්තිනී...


සාමාන්‍යයෙන් ගාල්ල මාතර පැත්තට ආස නැතත් ඒ පැතිවලින් හම්බ උන හොඳ යාලුවො මට ඉන්නව. මම හිතන්නෙ උන් ඇත්තටම එහෙ නෙමෙයි කියල. කොහොමහරි මම දකුනට එච්චර කැමති නෑ.. අපි රජරට කොල්ලොනෙ.. වැවේ පැනල ඇලේ නාල වෙලේ නටල කැලේ පැනපු.. ඒත් කොහොමහරි මේ ලඟදි නිකං හිතුන දකුනෙත් ඉඳල හිටල වටින මනුස්සයෙක් දෙන්නෙක් ඉපදෙනව කියල. කොහොමහරි කතාවට හේතු උනේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා.. ඇත්තටම දකුණ ගැන හිතේ තිබුන දේ වෙනස්වුනේ ඒ මනුස්සයා හින්දා... හම්බවෙලා වත් නෙමෙයි. එතුම ලියපු ගීතයක් තේරුමත් එක්ක අහල..
ශාන්තිනී තෙමාවැටේ නළල කුංකුමම්...
      ඇයි මේ ශාන්තිනී ගෙ කුංකුම තිලකෙ තෙමා වැටෙන්නෙ
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
      ඒ කියන්නෙ අහසෙ හඳ අඬනව.. ඒ කඳුළු වැටිල තමයි කුංකුම තිලකෙ තෙමෙන්නෙ...
පහන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
      හඳ අඬන්නෙ පහන් පැලට කව්ද ගිනිතියල.. ඒ ගින්නෙන් නගින දුම් වැදිල.. 1970, 80 කාලෙනම් පහන්පැල සාමාන්‍යයෙන් සිංහල දෙමළ කොයි ගෙදරත් තිබුන මම හිතන්න්නෙ... අපි පහන් පැලේ පහන පත්තු කලාට කවදාවත් පහන් පැලට ගිනිතියල පත්තු කරන්නෙ නෑනෙ.. මටනම් මේ කතාව ඇතුලෙ තව ආගමික සංහිඳියාව සදාචාරය වගේ දේකුත් පෙනුන..ඒ කියන්නෙ කවුරුහරි ආගම්වාදය අවුස්සලද කියල වගේ.. හරියට තමන්ගේ පාඩුවෙ තමන්ගෙ ආගම අදහන්න තිබුන නිදහස නැතිකරල වගේ.
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්..
      මේකනම් ආගම්වාදය ඇවිස්සුන වෙලාවක් හන්දා අපිට ඇත්තටම ගැලවීමක් තියෙන්නේ ඇත්තටම දෙවියන් ලඟ කියල ශාන්තිනීට කියනව.ඒ වගේම මේ කෝලාහල ඉවරවෙනකං පංසලක පල්ලියකට වෙලා පරිස්සමෙන් ඉමු කියනවත් වෙන්න පුලුවන්..
කඳුළු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
ඔබේ මුහුන කියාගන්න බැරි කවියකි දැන්
       ශාන්තිනීගෙ කඳුලු වලට කරාබුවල එලිය වැටිල පේනකොට ඒ අඬන මූනෙ තියන හැඟීම් කියාගන්න බැරි  කවියක් වගේ...
බියේ සැලෙන ඔය දෑතේ වලලු ඔය තරම්
බරද කියාපන්  කෙල්ලේ බරද කියාපන්....
      ඔඅය ත්  වෙව්ලන්නෙ වලලු වල බරටද කියන්න...
සියලු සිරිත දෑ කුල ගොත ඔබ ආපසු ගන්න
මහට්වරුනි ශාන්තිනී විට්හරක් මට දෙන්න
      ඔයාලගෙ ආගම් ජාති ඔක්කොම  අරන් මට මගෙ ශාන්තිනී  විතරක් දෙන්න.
තිරුක්කුරල්  පොද අරින්න දෑස පියා ගන්න
මහත්වරුනි  මා නෙලු මල මට සිඹින්න දෙන්න...
අනිතිම පේලි දැම්මෙ නැත්තෙ ඔයාලටම තේරුමක්  හිතාගන්න. මේක රත්න ශ්‍රී විජේසිංහයන්ට ටිබුන අත්දැකීම්  දෙකක එකතුවක්... මම මේ විග්‍රය ඇහුවෙ හිරු   එකේ සඳගිරි  මුදුනෙ න්....