අම්බෝ 12 යන්න හිටිය ගමන කැන්සල් උන නිසා 13 ගියා. කොහෙද අහන්න එපා කලින් ගිය ගමන් ගැන ලියලා දැන් ඒ පැතිවල යන්නත් බෑ වගේ. ඒනිසා මේපාර නම් විතරක් නෙමේ ගමුත් මනංකල්පිතයි හොඳද.
කොහොමහරි අපි එහෙ ගියා ඒ පැත්තෙ දන්සල් වලටත් ගියා වෙසක් බැලුවා කූඩු හැදුවා යාලුවො සෙට් වෙලා එලිවෙනකන් කියව කියව ඉදල ආව.
මෙච්චරයි කතාව හොදේ.
ඔය ඉතින් බැනුම් නාහ ලියන්න පුලුවන් ටික මීට අමතරව ගියතැන් එහෙම ලියුවොත් වෙසක් නෙමේ
පොසොනුත් ඉවරයි.
කොහොමහරි 15 මම ගෙදර ආව.ඇවිත් කුරුණෑගල පැත්තෙ රවුමක් යන්න ගියා, යද්දිම කෝල් එකක් "මල්ලි කොහෙද ඉන්නෙ වෙසක් බලන්න යමුද?" සාමාන්‍යයෙන් ඕන ගමනකට ඕන වෙලාවක මම එවරෙඩි. හරි අයියෙ යමු මොකේද යන්නෙ. "අක්ක කෙනෙක් ඉන්නව එයාට යන්න කෙනෙක් නෑ අපි කට්ටිය අපේ බයික් එකේ ඔයා එයා එක්ක එන්න" ඉතින් බෑ කියන්නේ කොහොමද අප්පා ගියා. අප්පට සිරි අදුනන අක්කෙක්නෙ. මේ අක්ක වැඩ කලේ මොකක්ද ඒකට කියන්නෙ අර තුවාල වලට බෙහෙත් දාන හෙන ෆේමස් තැනක් ඒකෙ නම දැම්මොත් තුවාලයක් උනොත් බෙහෙත් දාගන්න වෙන්නෑ ඒකෙ නම ඕන නෑ අක්කගෙ නම හංසි ගම ගල්නෑව. අක්ක කියුවට එච්චර වයස නෑ වගේ ඒත් එයා අක්කෙක් හොදේ. කොහොම හරි එයාට තිබුනෙ pleasure එකක් අලුත්ම. අයියෝ කියල හිතුන ඒක දැක්කාම. දන්නවනෙ ඒවෙ යද්දි අර බිත්තරයක් උඩ යනව වගේනෙ. කොහොම හරි වදුරාගලින් ගමන පටන් ගත්තා. පොතුහැරට යනකනුත් නෝ දන්සල් කොහොමහරි මුලින්ම සෙට් උනේ උනු ජාතියක් ඒව බෙලිමල් ලු මට නම් තේරුනේ උනුවතුර වගේ. නිකන් දෙනවනම් ඕන එකක්නෙ. ආයෙත් අපි යනවා, අර අයියයි අක්කයි පොඩි එකයි හයියෙන් යනවා අපේ එකේ 40 පනින කොටම අර අක්ක හිමින් යමු කියල කෑ ගහනවා. හයියෙන් යද්දි බයයිවගේ කොහෙද තාම අවිවාහකනෙ අර අක්කටනම් එක්ස්පීරියන්ස් තියනවා. කොහොමහරි පොල්ගහවෙලින් සුප් බිව්වා. ආයෙ කෑගල්ල පාරෙ යද්දි කිරිකෝපි හම්බුනා. කොහොම හරි ටිකක් යද්දි හම්බුනා නූඩ්ල්ස් දන්සලක්. අපිත් ඉතින් බයික් නවත්තල පෝලිමට ආව. ඒ එද්දි පෝලිම ඩබල් වෙලා. මොනාකරන්නද. එකපාරටම "ඔය බබා වඩන් ඉන්න මහත්තයට ඉඩ දෙන්න" පෝලිම බාර දන්සල් නියෝජිතයා කෑ ගහනවා. දැන් ඒ දෙන්නම ගියා "ඉන්නකො මහත්තයට එන්න කියුවෙ කියල අක්කව තියල අයියව ඇතුලට ගත්තා. පොඩි එකා මෙන්න බැහැල වටෙන් ආව. අක්ක පොඩි එකා වඩාගත්ත, "ඔය බබා වඩන් ඉන්න මිස්ට එන්න ඉඩ දෙන්න" අක්කත් ඇතුලෙ. දැන් මමයි හංසි අක්කයි එලියෙ කොහොම හරි අපි මලක් කඩ කඩ ඉදන් ඇතුලට ගියා. අපිට කොහෙද බබාල නේද හංසි අක්කෙ.
ඒකෙන් කාල අපි ගියා වට්ටාරමට, මමනම් ගියාමයි හංසි අක්කත් එහෙමමයි. ඒකෙනම් වැඩි විස්තර නෑ සෙනග ගොඩයි. එහෙමම ඇවිත් අපි කෑගල්ල රඹුක්කන කටුපිටිය හරහා ආව. ගොඩක්ම මේ පෝස්ට් එක දැම්මෙ අපිව දැකල කවුරුහරි වැරැදි වැටහීමක් ඇතිකර ගනී කියලා හොදේ.
ප.ලි.
මේක බලල අතුරු ප්‍රශ්න අහන අපේ උන්ට අහන මගුලක් අහපන් කවුරුත් නැති වෙලාවකට හම්බුනාම.
Friday, May 16, 2014
වෙසක් ඉවරද අප්පා...
Wednesday, May 7, 2014
මෙහෙමත් නිලධාරීන් හිටියා පොලිස්සියේ
මීට මාස කීපයකට කලින් මම වැඩට යනකාලෙ දවසක් මට දවල් බැංකුවට යන්න සෙට් උනා.සාමාන්‍යයෙන් මම බැංකුව යන්නෙ අපේ ඔෆීස් එකේ තියන හොනට් එකෙන් (ඒක ගැන දන්න අය දන්නවා) ආයෙ ඉතින් ඒක පට්ට වන්ඩිය වදුරාගල ඉදන් කුරුණෑගලට ට්‍රැෆික් තිබ්බත් නැතත් වි 3යි.කොහොමත් ෆුල් ෆේස් හෙල්මට් එක හෙඩ්සෙට් එක දාගත්තම කොහොමත් වටපිට සද්ද තියා බයික් එකේ සද්දෙත් ඇහෙන්නේනෑ. අනික බයික් එක ලංකාවට ආව දා ඉදන් හයිකරපු ඇණයක් ගානෙ දන්නවා ඒක නිසා හිතට බයකුත් නෑ,අනික දුක නැතිවෙන්න හැප්පිලත් අත්දැකීම් තියනවා.කොහොමින් කොහොමහරි එදා බයික් එක පොඩි අලුත්වැඩියාවකට දාල තිබුණේ මතක හැටියට පෙට්‍රල් බ්ලොක් එකක්. ඉතින් එදා යන්න එකකට තිබුණේ ඔෆිස් එකේ ලමයෙකුගෙ CT100 එකක්, ඒව ගැන නොදන්නා කෙල්ලෙක්වත් ලංකාවෙ නැතුව ඇති. (අර හයියෙන් යද්දී පස්ස දෙදරන(බයික් එකේ) තෙල් ගහන්ඩ ඕන නැති(අපේ ජපන් ඒවට සාපේක්ෂව)බයික් එක). කොහොමහරි මම සීටී100 එකෙන් යන්න පිටත්වුනා.යන්න ආවට ටිකක් බයයිවගේ.මොකද ජපන් ඒවම පැදල මේක හුරු නෑ වගේ.අනික මේකෙ අයිතිකාරයාට මේක ලැම්බෝගිනියක් වගේ අමාරුවෙන් හම්බකරල ගත්ත වාහනේ, මොනාඋනත් ඒක මතක් වෙද්දි ඇක්සලේටර් එක අහුවෙන්නෙත් නෑ.ඉතින් කොහොමහරි අහිංසක විදිහට 50ටත් අඩුවෙන් ගියේ, ගිහින් වැඩේ ඉව්‍ර කරල එනකොට ආවෙ කුරුණෑගල ඔරලෝසු කනුව ලගින් ඇවිත් කොළඹ පාර දිගේ, ඔය එද්දි ඉස්පිරිතාලෙ හම්බවෙනවා ඊට කලින් පාලම (ඇත්තටම ඔතන තිබුණු පාලම වැස්සකට කඩාන ගිහින් දැන් තියෙන්නේ සදාකාලික උන තාවකාලික පාලමක්) හයියෙන් ආවොත් ඔය පාලමෙන් හොඳ ජම්ප් එකක් දාල හොස්පිට්ල් යන්න පුළුවන්.කොහොමහරි මම එද්දි වැලි ටිපර් එකක් පාලමට දානවා ගාටගාට ඉස්සරහින් වාහනත් නෑ ඕක පස්සේ යන්නත් බෑ වගේ ඔන්න ඉතින් සහජ ගති එලියට ආව, ඉතින් පාලමෙන් ඉස්සර කලා. මලා පොලිසියෙන් ඉන්නවා බඩුම තමයි අත දැමීම. යන්නත් හිතයි කමක් නෑ කියල නැවැත්තුවා. අප්පට සිරි නැවැත්තුවාට පස්සේ මතක් උනේ මේකට තාම ලයිසන් ඉන්ශූරන්ස් තියා නම්බර් ප්ලේට් වත් නෑ, ගරාජ් නම්බර් එකෙන් දුවන්නෙ.හේතුව මූ මේක ගෙනාවට තාම ෆිනෑන්ස් වැඩ වත් හරියට ඉවරයක් කරන් නෑ. ඉතින් මොකද කරන්නේ ඕන මගුලක් කියලා හොස්පිට්ල් බයික් පාක් එකේ ගොඩේම මමත් පාක් කලා. මොනාඋනත් මාත් එක්ක ගිහින් තියන අය දන්නවා මම කොහොමද පොලිසියෙන් ශේප් වෙන්නේ කියලා.මම පොර වෙන්න හදනවා නෙමෙ, දැනට මම ලයිසන් අරන් අවුරුදු 4කට ලගයි මේ කාලෙට ත්‍රිකුණාමලයේ,කොළඹ,හලාවත,පොලොන්නරුව,අනුරාධපුර, ඉන්න කුරුණෑගල ගල්නෑව, වාරියපොල etc කියලා ඉවරයක් කරන්න අමාරුයි කොහොමහරි දකුන නුවරඑළියේ පැති ඇර ඉතිරි පැතිවල හොඳට එලවලා තියනවා. පොලිසියෙන් නවත්තලා වමෙන් ධාවනය නොකිරීම, අධික වේගයෙන් රිය පැදවීම, ඉරි කැපීම(සමහර වෙලාවට ඉරි කපන්න වෙන නිසා දකුණේන්ම ගිහිල්ලා තියනවා) වගේ ඒවට ලියන්න ගිහින් තියනවා. ඒත් තාම ලියලම නෑ,වැරැදි මම නම් ඉතින් ලයිසන් එක අතේ තියන් අඩනවා. (පැයකාලක් ඇඩුවට මොකෝ රු 500ක් නෙ)
කතාව වෙන පැතිවලට යනවනෙ, ඔන්න පොලිස් මාමා මම ලගට ආව,
වාහනේ රක්ෂණයයි ආදායම් බලපත්‍රයයි ගන්න,
ඒව කොහෙද මම ලග
මට දෙන්නම දෙයක් නැතිනිසා මගෙ ලයිසන් එක දුන්නා
කරපු වරද දන්නවාද? පටු මාර්ගයක අපරික්ෂාරීව ඉස්සර කිරීම, දෙපසින්ම අතුරු මාර්ග මොකෝ කියන්නේ
මොනා කියන්නද මාව යවන්න හිතුවට කියුවෙ නෑ
කෝ වාහනේ ලියකියවිලි?
තියනව නම් දෙනවනෙ ඕයි හිතින් කියුවා
කොහෙද යන්නෙ?
බැංකුවට ගියෙ සර් ඔෆිස් වැඩකට මම .....වැඩ කරන්නේ
ඉතින් ඒක අපට අදාළ නෑ, බයික් එක අපි පොලිසියට ගෙනියනව මේක උසාවි දානවා උසාවියෙන් බේර ගන්න
ඔන්න ඉතින් මමත් පූස් පපැටියෙක් වගේ අහිංසකව අහං හිටියා කොහොමහරි කියවල කියවලා ටිකකින් ගෙවල් කොහෙද ඇහුව
බක්මීගොල්ලෙ
ලයිසන් එකේ වෙන එකක්නෙ තියෙන්නෙ
සර් ඔය අපේ ආච්චිලාගෙ ගෙදර,
කදුලව කොහෙද?
ජයසංක එකට මෙහා අර බෙහෙත් නෙල්ලි ගහක් තියන ගෙදර ගගවැරැල්ල වැටක් තියෙන්නෙ
එතකොට කව්ද අර ලර්නර්ස් කරන්නේ
ඒ සීය
ඔන්න ආයෙ ටෝකදෙනවා මාත් හ්ම් කියකිය අහනවා ඔහොම කියවල ටිකකින්
අපට ඔයාගෙන් කීයක්වත් ගන්න වත් උසාවියට දාන්න වත් ඕන නැ, ඒත් රටෙක නීතියක් තියනවා දැන් ඉදන් ඒව පිලිපදින්න එහෙම නැතුව මම බේරිලා ආව මම වැඩකාරයෙක් කියල හිතන්න එපා දැන් එහෙනම් යනවා සීයලගෙ ගෙදර ගිය වෙලාවක කියන්න මෙහෙම එකක් උනා ඒ හිටපු පීසී අරගම කෙනෙක් කියල (අරගම කදුලවට අල්ලපු ගමක්)
මමත් පින් දීල ආව
කොහොමහරි එදායින් පස්සෙ දෙතුන් පාරක් ඒ පොලිස් නිලධාරියා දැක්කත් කතා කරන්න ලැබුනෙ නෑ
ඊයෙ රෑ ට්‍රැෆික්ල දෙන්නෙකුට වෙඩිතියලලු බඩගමුවෙදි කියල ආරංචි උනා. මියගිය පීසී තමා අර.
අපි ගොඩ දෙනෙකුට පොලිස් නිලඇදුම් දැක්කත් මල පනින තත්ත්වයක් තිබුනාට ඔය ඇතුලෙ මිනිස්සු ඉන්නවා
අනික ප්‍රසංසා 53ක් තිබුන අවුරුදු 22ක සේවා කාලයක් තිබුණු මේ මනුස්සයා සාජන්ට්වරයෙකු වුනේ රාජකාරිය තුල මිය්ගිය නිසා මෙච්චරකල් උසස් නිලධාරීන් පොල් ගෑවද කියල හිතෙනවා මුට්ටි අල්ලන ආන්ඩුවලට කඩේ යන උන් තරු ගහනකොට වැඩකරන මිනිස්සු මියයද්දි "මේක මොන රටක්ද?" කියල හිතෙනවා.
නිදහසේ පාරෙ කුඩු ගෙනියද්දි නිදන් ගෙනියද්දි අවිආයුද ගෙනියද්දි පොලිසියට උඩබලන් ඉන්න වෙලාත් නම් සාමාන්‍ය ජනයාට ඉන්න වෙන්න බඩඋලාන් තමා
මේක වෙනස් කර්න්න ඕන නද්ද???
අපක්ෂපාති මනුස්සකමට මිස බලයට මුදලට නොනැමෙන පෙනුමෙන්ම තත්ත්වයක් ඇති සාධාරණ පත්වීම් උසස් වීම් ඇති පොලිස්සියක් අපට ඕන නැද්ද???
මියගිය නිලධාරිතුමාට නිවන් සුව ලැබේවා!!!