Sunday, October 4, 2015

ශාන්තිනී...


සාමාන්‍යයෙන් ගාල්ල මාතර පැත්තට ආස නැතත් ඒ පැතිවලින් හම්බ උන හොඳ යාලුවො මට ඉන්නව. මම හිතන්නෙ උන් ඇත්තටම එහෙ නෙමෙයි කියල. කොහොමහරි මම දකුනට එච්චර කැමති නෑ.. අපි රජරට කොල්ලොනෙ.. වැවේ පැනල ඇලේ නාල වෙලේ නටල කැලේ පැනපු.. ඒත් කොහොමහරි මේ ලඟදි නිකං හිතුන දකුනෙත් ඉඳල හිටල වටින මනුස්සයෙක් දෙන්නෙක් ඉපදෙනව කියල. කොහොමහරි කතාවට හේතු උනේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා.. ඇත්තටම දකුණ ගැන හිතේ තිබුන දේ වෙනස්වුනේ ඒ මනුස්සයා හින්දා... හම්බවෙලා වත් නෙමෙයි. එතුම ලියපු ගීතයක් තේරුමත් එක්ක අහල..
ශාන්තිනී තෙමාවැටේ නළල කුංකුමම්...
      ඇයි මේ ශාන්තිනී ගෙ කුංකුම තිලකෙ තෙමා වැටෙන්නෙ
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
      ඒ කියන්නෙ අහසෙ හඳ අඬනව.. ඒ කඳුළු වැටිල තමයි කුංකුම තිලකෙ තෙමෙන්නෙ...
පහන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
      හඳ අඬන්නෙ පහන් පැලට කව්ද ගිනිතියල.. ඒ ගින්නෙන් නගින දුම් වැදිල.. 1970, 80 කාලෙනම් පහන්පැල සාමාන්‍යයෙන් සිංහල දෙමළ කොයි ගෙදරත් තිබුන මම හිතන්න්නෙ... අපි පහන් පැලේ පහන පත්තු කලාට කවදාවත් පහන් පැලට ගිනිතියල පත්තු කරන්නෙ නෑනෙ.. මටනම් මේ කතාව ඇතුලෙ තව ආගමික සංහිඳියාව සදාචාරය වගේ දේකුත් පෙනුන..ඒ කියන්නෙ කවුරුහරි ආගම්වාදය අවුස්සලද කියල වගේ.. හරියට තමන්ගේ පාඩුවෙ තමන්ගෙ ආගම අදහන්න තිබුන නිදහස නැතිකරල වගේ.
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්..
      මේකනම් ආගම්වාදය ඇවිස්සුන වෙලාවක් හන්දා අපිට ඇත්තටම ගැලවීමක් තියෙන්නේ ඇත්තටම දෙවියන් ලඟ කියල ශාන්තිනීට කියනව.ඒ වගේම මේ කෝලාහල ඉවරවෙනකං පංසලක පල්ලියකට වෙලා පරිස්සමෙන් ඉමු කියනවත් වෙන්න පුලුවන්..
කඳුළු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
ඔබේ මුහුන කියාගන්න බැරි කවියකි දැන්
       ශාන්තිනීගෙ කඳුලු වලට කරාබුවල එලිය වැටිල පේනකොට ඒ අඬන මූනෙ තියන හැඟීම් කියාගන්න බැරි  කවියක් වගේ...
බියේ සැලෙන ඔය දෑතේ වලලු ඔය තරම්
බරද කියාපන්  කෙල්ලේ බරද කියාපන්....
      ඔඅය ත්  වෙව්ලන්නෙ වලලු වල බරටද කියන්න...
සියලු සිරිත දෑ කුල ගොත ඔබ ආපසු ගන්න
මහට්වරුනි ශාන්තිනී විට්හරක් මට දෙන්න
      ඔයාලගෙ ආගම් ජාති ඔක්කොම  අරන් මට මගෙ ශාන්තිනී  විතරක් දෙන්න.
තිරුක්කුරල්  පොද අරින්න දෑස පියා ගන්න
මහත්වරුනි  මා නෙලු මල මට සිඹින්න දෙන්න...
අනිතිම පේලි දැම්මෙ නැත්තෙ ඔයාලටම තේරුමක්  හිතාගන්න. මේක රත්න ශ්‍රී විජේසිංහයන්ට ටිබුන අත්දැකීම්  දෙකක එකතුවක්... මම මේ විග්‍රය ඇහුවෙ හිරු   එකේ සඳගිරි  මුදුනෙ න්....

Tuesday, June 17, 2014

මහව ගියාලු

කාලෙක ඉදන් තිබ්බ උනක් තමා Prime Mover ඒකක් එලවන එක. IT  වලට ගෙදරින් යැව්වට, ටිකක් ටිකක් ඒව පුලුවන් උනාට අරක තමා ආසාව. කොහොමහරි පෙරේදා ගිහින් සැහැල්ලු වාහන බරවාහන කරන්න ගත්තා. මෙඩිකල් ගන්න එක නම් එපා උනා. ඒකෙ උන්ගෙ ශෝ බලලම. කොහොමහරි ඔය වැඩ ඉවර වෙනවා එක්කම මහව යන්න සෙට් උනා. අපේ විපුලයට ලැපක් ගන්න. මාත් ගිහින් ස්ටෑන්ඩ් එකේ තිබ්බ හිස් ctb එකක ඉද ගත්තා. හෙඩිසෙට් එකත් ගහන් ටිකක් ඉද්දි කවුදෝ එහාපැත්තෙ ඉදගත්තා. කෙල්ලෙක් ලැප් එකක් තියන් ඉන්නේ. අනේ මන්දා මට හිතාගන්න බෑ මං බස් එකෙන් බැහැල ඊලඟ එකේ නැග්ග. පරන දේවල් කොච්චර අමතක කරන්න හැදුවත් ඒව මතක්වෙන සිද්ධි මයි වෙන්නෙ. අමතක කෙසේ වෙතත් තව කෙනෙක් ඔයාගෙ තැනට එනවට මං කැමති නෑ.
මං මහවට යද්දි මගෙ ෆෝන් ඕෆ්. මොනාඋනත් විපුලයට‍යි තව අයියෙකුයි ඇවිත් හිටිය. ඒ අයිය සුරේන්, කරන්නෙ සිවිල් හැබැයි ටෙක් එකේ. මොකේ මොනා කලත් හිත හොද කොල්ලෙක්. ඉතිං අපි බැංකුවට ගිහින් සල්ලි අරං ආව. ඇවිත් abance එකට ගියා. යද්දී උන් කනවා. අපි උං එනකන් ඒකෙ බඩු ගනං කරා. කොහොමත් වැඩියෙන් තිබ්බෙ පෙට්ටි. හිස් ඒව. මේ මගුල් කරද්දි හොද වෙලාවට චාජරයක් හම්බුනා පින් 20 විතර තියන. ෆෝන් එක ඒකට ගහල අපි කථාවක් දාන් හිටියා. කොහොමහරි මූට ලැපක් ගත්තා. ගත්තෙ ගෙවන්න.සුරේනය ඇප උනා, පව් අහිංසක‍යා. ඒකෙ තිබ්බෙ DOS පට්ට. උන් දන්න මගුලක් නෑ dos මුං දන්නෙත් නෑ.  මං දන්නෙත් ටිකයි. කමක්  නෑ ගැහුව "?" මෙන්න හෙල්ප් එක එනවා. අරුන්ට මැජික්. ඔහොම රන් කමාන්ඩ් ටිකක් ගැහුවම මං වැඩකාරයා එතන. කොහොමහරි ලැප අරං ආව. ස්ටේෂන් එකට එද්දි මෙන්න බඩු තෙල් කෝච්චියක් ඇවිත්. අම්බෝ එන්ජින් දෙකයි M8 M10 පට්ට. ඇතිවනකං ෆොටෝ ගැහුව. ටිකක් යද්දි ආව කොළඹ එක පොසොන් ස්පෙශල් එක. පට්ට සෙනගක්. ඇතුලෙ නෙමේ එලියෙ. ඉදල හිටල කෝච්චියක යන මිනිස්සුන් අදුන ගන්න පුලුවන්. නැවත්තපු ගමන් බහින පෙට්ටි ගානෙ ඇවිදින අනිත් අය බබාලා කියල හිතන ඒවගේ උන් නම්  මට පේන්න බෑ.කොහොමහරි අහක බලං නැග්ග කියමුකෝ.නැග්ග කියුවට කෑල්ලක් වත් ඇතූලෙ නෑ සම්පූර්ණම එලියෙ.  වවුල වගේ එල්ලිලා යනව. ඒ අස්සෙ ඊයේත් එකෙක් එල්ලිලා ගිහින් පාලමක වැදිලා මැරිලා කියනව. ඇත්තටම ගෙදර ඇවිත් හිතකොට තමා බරපතළ කම පේන්නෙ. කොහොමහරි එන්න පුලුවන් අවදානම්ම විදියට නාගොල්ලාගමට ආව. කොහොමහරි අරුන්ගේ ගෙදර ගිහින් රැ අපේ ගෙදර යන්න ආව
ආව කියුවට ආව හැටි ඊලග පෝස්ට් එකෙන් දාන්නම්

Friday, May 16, 2014

වෙසක් ඉවරද අප්පා...

අම්බෝ 12 යන්න හිටිය ගමන කැන්සල් උන නිසා 13 ගියා. කොහෙද අහන්න එපා කලින් ගිය ගමන් ගැන ලියලා දැන් ඒ පැතිවල යන්නත් බෑ වගේ. ඒනිසා මේපාර නම් විතරක් නෙමේ ගමුත් මනංකල්පිතයි හොඳද.
කොහොමහරි අපි එහෙ ගියා ඒ පැත්තෙ දන්සල් වලටත් ගියා වෙසක් බැලුවා කූඩු හැදුවා යාලුවො සෙට් වෙලා එලිවෙනකන් කියව කියව ඉදල ආව.
මෙච්චරයි කතාව හොදේ.
ඔය ඉතින් බැනුම් නාහ ලියන්න පුලුවන් ටික මීට අමතරව ගියතැන් එහෙම ලියුවොත් වෙසක් නෙමේ
පොසොනුත් ඉවරයි.
කොහොමහරි 15 මම ගෙදර ආව.ඇවිත් කුරුණෑගල පැත්තෙ රවුමක් යන්න ගියා, යද්දිම කෝල් එකක් "මල්ලි කොහෙද ඉන්නෙ වෙසක් බලන්න යමුද?" සාමාන්‍යයෙන් ඕන ගමනකට ඕන වෙලාවක මම එවරෙඩි. හරි අයියෙ යමු මොකේද යන්නෙ. "අක්ක කෙනෙක් ඉන්නව එයාට යන්න කෙනෙක් නෑ අපි කට්ටිය අපේ බයික් එකේ ඔයා එයා එක්ක එන්න" ඉතින් බෑ කියන්නේ කොහොමද අප්පා ගියා. අප්පට සිරි අදුනන අක්කෙක්නෙ. මේ අක්ක වැඩ කලේ මොකක්ද ඒකට කියන්නෙ අර තුවාල වලට බෙහෙත් දාන හෙන ෆේමස් තැනක් ඒකෙ නම දැම්මොත් තුවාලයක් උනොත් බෙහෙත් දාගන්න වෙන්නෑ ඒකෙ නම ඕන නෑ අක්කගෙ නම හංසි ගම ගල්නෑව. අක්ක කියුවට එච්චර වයස නෑ වගේ ඒත් එයා අක්කෙක් හොදේ. කොහොම හරි එයාට තිබුනෙ pleasure එකක් අලුත්ම. අයියෝ කියල හිතුන ඒක දැක්කාම. දන්නවනෙ ඒවෙ යද්දි අර බිත්තරයක් උඩ යනව වගේනෙ. කොහොම හරි වදුරාගලින් ගමන පටන් ගත්තා. පොතුහැරට යනකනුත් නෝ දන්සල් කොහොමහරි මුලින්ම සෙට් උනේ උනු ජාතියක් ඒව බෙලිමල් ලු මට නම් තේරුනේ උනුවතුර වගේ. නිකන් දෙනවනම් ඕන එකක්නෙ. ආයෙත් අපි යනවා, අර අයියයි අක්කයි පොඩි එකයි හයියෙන් යනවා අපේ එකේ 40 පනින කොටම අර අක්ක හිමින්  යමු කියල කෑ ගහනවා. හයියෙන් යද්දි බයයිවගේ කොහෙද තාම අවිවාහකනෙ අර අක්කටනම් එක්ස්පීරියන්ස් තියනවා. කොහොමහරි පොල්ගහවෙලින් සුප් බිව්වා. ආයෙ කෑගල්ල පාරෙ යද්දි කිරිකෝපි හම්බුනා. කොහොම හරි ටිකක් යද්දි හම්බුනා නූඩ්ල්ස් දන්සලක්. අපිත් ඉතින් බයික් නවත්තල පෝලිමට ආව. ඒ එද්දි පෝලිම ඩබල් වෙලා. මොනාකරන්නද. එකපාරටම "ඔය බබා වඩන් ඉන්න මහත්තයට ඉඩ දෙන්න" පෝලිම බාර දන්සල් නියෝජිතයා කෑ ගහනවා. දැන් ඒ දෙන්නම ගියා "ඉන්නකො මහත්තයට එන්න කියුවෙ කියල අක්කව තියල අයියව ඇතුලට ගත්තා. පොඩි එකා මෙන්න බැහැල වටෙන් ආව. අක්ක පොඩි එකා වඩාගත්ත, "ඔය බබා වඩන් ඉන්න මිස්ට එන්න ඉඩ දෙන්න" අක්කත් ඇතුලෙ. දැන් මමයි හංසි අක්කයි එලියෙ කොහොම හරි අපි මලක් කඩ කඩ ඉදන් ඇතුලට ගියා. අපිට කොහෙද බබාල නේද හංසි අක්කෙ.
ඒකෙන් කාල අපි ගියා වට්ටාරමට, මමනම්  ගියාමයි හංසි අක්කත් එහෙමමයි. ඒකෙනම් වැඩි විස්තර නෑ සෙනග ගොඩයි. එහෙමම ඇවිත් අපි කෑගල්ල රඹුක්කන කටුපිටිය හරහා ආව. ගොඩක්ම මේ පෝස්ට් එක දැම්මෙ අපිව දැකල කවුරුහරි වැරැදි වැටහීමක් ඇතිකර ගනී කියලා හොදේ.
ප.ලි.
මේක බලල අතුරු ප්‍රශ්න අහන අපේ උන්ට අහන මගුලක් අහපන් කවුරුත් නැති වෙලාවකට හම්බුනාම.

Wednesday, May 7, 2014

මෙහෙමත් නිලධාරීන් හිටියා පොලිස්සියේ

මීට මාස කීපයකට කලින් මම වැඩට යනකාලෙ දවසක් මට දවල් බැංකුවට යන්න  සෙට් උනා.සාමාන්‍යයෙන් මම බැංකුව යන්නෙ අපේ ඔෆීස් එකේ තියන හොනට් එකෙන් (ඒක ගැන දන්න අය දන්නවා) ආයෙ ඉතින් ඒක පට්ට වන්ඩිය වදුරාගල ඉදන් කුරුණෑගලට ට්‍රැෆික් තිබ්බත් නැතත් වි 3යි.කොහොමත් ෆුල් ෆේස් හෙල්මට් එක හෙඩ්සෙට් එක දාගත්තම කොහොමත් වටපිට සද්ද තියා බයික් එකේ සද්දෙත් ඇහෙන්නේනෑ. අනික බයික් එක ලංකාවට ආව දා ඉදන් හයිකරපු ඇණයක් ගානෙ දන්නවා ඒක නිසා හිතට බයකුත් නෑ,අනික දුක නැතිවෙන්න හැප්පිලත් අත්දැකීම් තියනවා.කොහොමින් කොහොමහරි එදා බයික් එක පොඩි අලුත්වැඩියාවකට දාල තිබුණේ මතක හැටියට පෙට්‍රල් බ්ලොක් එකක්. ඉතින් එදා යන්න එකකට තිබුණේ ඔෆිස් එකේ ලමයෙකුගෙ CT100 එකක්, ඒව ගැන නොදන්නා කෙල්ලෙක්වත් ලංකාවෙ නැතුව ඇති. (අර හයියෙන් යද්දී පස්ස දෙදරන(බයික් එකේ) තෙල් ගහන්ඩ ඕන නැති(අපේ ජපන් ඒවට සාපේක්ෂව)බයික් එක). කොහොමහරි මම සීටී100 එකෙන් යන්න පිටත්වුනා.යන්න ආවට ටිකක් බයයිවගේ.මොකද ජපන් ඒවම පැදල මේක හුරු නෑ වගේ.අනික මේකෙ අයිතිකාරයාට මේක ලැම්බෝගිනියක් වගේ අමාරුවෙන් හම්බකරල ගත්ත වාහනේ, මොනාඋනත් ඒක මතක් වෙද්දි ඇක්සලේටර් එක අහුවෙන්නෙත් නෑ.ඉතින් කොහොමහරි අහිංසක විදිහට 50ටත් අඩුවෙන් ගියේ, ගිහින් වැඩේ ඉව්‍ර කරල එනකොට ආවෙ කුරුණෑගල ඔරලෝසු කනුව ලගින් ඇවිත් කොළඹ පාර දිගේ, ඔය එද්දි ඉස්පිරිතාලෙ හම්බවෙනවා ඊට කලින් පාලම (ඇත්තටම ඔතන තිබුණු පාලම වැස්සකට කඩාන ගිහින් දැන් තියෙන්නේ සදාකාලික උන තාවකාලික පාලමක්) හයියෙන් ආවොත් ඔය පාලමෙන් හොඳ ජම්ප් එකක් දාල හොස්පිට්ල් යන්න පුළුවන්.කොහොමහරි මම එද්දි වැලි ටිපර් එකක් පාලමට දානවා ගාටගාට ඉස්සරහින් වාහනත් නෑ ඕක පස්සේ යන්නත් බෑ වගේ ඔන්න ඉතින් සහජ ගති එලියට ආව, ඉතින් පාලමෙන් ඉස්සර කලා. මලා පොලිසියෙන් ඉන්නවා බඩුම තමයි අත දැමීම. යන්නත් හිතයි කමක් නෑ කියල නැවැත්තුවා. අප්පට සිරි නැවැත්තුවාට පස්සේ මතක් උනේ මේකට තාම ලයිසන් ඉන්ශූරන්ස් තියා නම්බර් ප්ලේට් වත් නෑ, ගරාජ් නම්බර් එකෙන් දුවන්නෙ.හේතුව මූ මේක ගෙනාවට තාම ෆිනෑන්ස් වැඩ වත් හරියට ඉවරයක් කරන් නෑ. ඉතින් මොකද කරන්නේ ඕන මගුලක් කියලා හොස්පිට්ල් බයික් පාක් එකේ ගොඩේම මමත් පාක් කලා. මොනාඋනත් මාත් එක්ක ගිහින් තියන අය දන්නවා මම කොහොමද පොලිසියෙන් ශේප් වෙන්නේ කියලා.මම පොර වෙන්න හදනවා නෙමෙ, දැනට මම ලයිසන් අරන් අවුරුදු 4කට ලගයි මේ කාලෙට ත්‍රිකුණාමලයේ,කොළඹ,හලාවත,පොලොන්නරුව,අනුරාධපුර, ඉන්න කුරුණෑගල ගල්නෑව, වාරියපොල etc කියලා ඉවරයක් කරන්න අමාරුයි කොහොමහරි දකුන නුවරඑළියේ පැති ඇර ඉතිරි පැතිවල හොඳට එලවලා තියනවා. පොලිසියෙන් නවත්තලා වමෙන් ධාවනය නොකිරීම, අධික වේගයෙන් රිය පැදවීම, ඉරි කැපීම(සමහර වෙලාවට ඉරි කපන්න වෙන නිසා දකුණේන්ම ගිහිල්ලා තියනවා) වගේ ඒවට ලියන්න ගිහින් තියනවා. ඒත් තාම ලියලම නෑ,වැරැදි මම නම් ඉතින් ලයිසන් එක අතේ තියන් අඩනවා. (පැයකාලක් ඇඩුවට මොකෝ රු 500ක් නෙ)

කතාව වෙන පැතිවලට යනවනෙ, ඔන්න පොලිස් මාමා මම ලගට ආව,
වාහනේ රක්ෂණ‍යයි ආදායම් බලපත්‍රය‍යි ගන්න,
ඒව කොහෙද මම ලග
මට දෙන්නම දෙයක් නැතිනිසා මගෙ ලයිසන් එක දුන්නා
කරපු වරද දන්නවාද? පටු මාර්ගයක අපරික්ෂාරීව ඉස්සර කිරීම, දෙපසින්ම අතුරු මාර්ග මොකෝ කියන්නේ
මොනා කියන්නද මාව යවන්න හිතුවට කියුවෙ නෑ
කෝ වාහනේ ලියකියවිලි?
තියනව නම් දෙනවනෙ ඕයි හිතින් කියුවා
කොහෙද යන්නෙ?
බැංකුවට ගියෙ සර් ඔෆිස් වැඩකට මම .....වැඩ කරන්නේ
ඉතින් ඒක අපට අදාළ නෑ, බයික් එක අපි පොලිසියට ගෙනියනව මේක උසාවි දානවා උසාවියෙන් බේර ගන්න
ඔන්න ඉතින් මමත් පූස් පපැටියෙක් වගේ අහිංසකව අහං හිටියා කොහොමහරි කියවල කියවලා ටිකකින් ගෙවල් කොහෙද ඇහුව
බක්මීගොල්ලෙ
ලයිසන් එකේ වෙන එකක්නෙ තියෙන්නෙ
සර් ඔය අපේ ආච්චිලාගෙ ගෙදර,
කදුලව කොහෙද?
ජයසංක එකට මෙහා අර බෙහෙත් නෙල්ලි ගහක් තියන ගෙදර ගගවැරැල්ල වැටක් තියෙන්නෙ
එතකොට කව්ද අර ලර්නර්ස් කරන්නේ
ඒ සීය
ඔන්න ආයෙ ටෝකදෙනවා මාත් හ්ම් කියකිය අහනවා ඔහොම කියවල ටිකකින්
අපට ඔයාගෙන් කීයක්වත් ගන්න වත් උසාවියට දාන්න වත් ඕන නැ, ඒත් රටෙක නීතියක් තියනවා දැන් ඉදන් ඒව පිලිපදින්න එහෙම නැතුව මම බේරිලා ආව මම වැඩකාරයෙක් කියල හිතන්න එපා දැන් එහෙනම් යනවා සීයලගෙ ගෙදර ගිය වෙලාවක  කියන්න මෙහෙම එකක් උනා ඒ හිටපු පීසී අරගම කෙනෙක් කියල (අරගම කදුලවට අල්ලපු ගමක්)
මමත් පින් දීල ආව

කොහොමහරි එදායින් පස්සෙ දෙතුන් පාරක් ඒ පොලිස් නිලධාරියා දැක්කත් කතා කරන්න ලැබුනෙ නෑ
ඊයෙ රෑ ට්‍රැෆික්ල දෙන්නෙකුට වෙඩිතියලලු බඩගමුවෙදි කියල ආරංචි උනා. මියගිය පීසී තමා අර.
අපි ගොඩ දෙනෙකුට පොලිස් නිලඇදුම් දැක්කත් මල පනින තත්ත්වයක් තිබුනාට ඔය ඇතුලෙ මිනිස්සු ඉන්නවා
අනික ප්‍රසංසා 53ක් තිබුන අවුරුදු 22ක සේවා කාලයක් තිබුණු මේ මනුස්සයා සාජන්ට්වරයෙකු වුනේ රාජකාරිය තුල මිය්ගිය නිසා මෙච්චරකල් උසස් නිලධාරීන් පොල් ගෑවද කියල හිතෙනවා මුට්ටි අල්ලන ආන්ඩුවලට කඩේ යන උන් තරු ගහනකොට වැඩකරන මිනිස්සු මියයද්දි "මේක මොන රටක්ද?" කියල හිතෙනවා.
නිදහසේ පාරෙ කුඩු ගෙනියද්දි නිදන් ගෙනියද්දි අවිආයුද ගෙනියද්දි පොලිසියට උඩබලන් ඉන්න වෙලාත් නම් සාමාන්‍ය ජනයාට ඉන්න වෙන්න බඩඋලාන් තමා
මේක වෙනස් කර්න්න ඕන නද්ද???
අපක්ෂපාති මනුස්සකමට මිස බලයට  මුදලට නොනැමෙන පෙනුමෙන්ම තත්ත්වයක් ඇති සාධාරණ පත්වීම් උසස් වීම් ඇති පොලිස්සියක් අපට ඕන නැද්ද???
මියගිය නිලධාරිතුමාට නිවන් සුව ලැබේවා!!!

Saturday, April 26, 2014

Trip to තලාකොළවැව

මේ ලගදි අවුරුද්දට යාළුවෙක්ගෙ දුක බෙදාගන්න තවත් උන් දෙන්නෙක් එක්ක මම තලාකොළවැව ගියා. තලාකොළවැව කියන්නෙ කුරුණෑගල පොල්පිතිගම සයිඩ් එකේ ටිකක් ඩොටේ තියන ලස්සන ගමක්, කොහොමත් උතුරු මැදට ලං වෙනකොට වැව් ලග තියන ගම් වලට වැවේ නම එන එක සාමාන්‍යයි. 3ට විතර බස් නැගල අපි ගමන පටන් ගත්ත. කොහොමත් දුක නෑ මඩගල්ල පාර දැක්කම දඹුලු පාරෙ ආව මහන්සිය කොහෙන් ගියාද දන්නෑ, අන්න ආශ්චර්‍යෙය පිස්සු හැදෙනවා. මාරම කාපට් දෙපැත්‍තෙ සුදු ඉරි මැද ඩබල් ඉරි අඩියෙන් අඩිය කහ ඉරි චිත්‍රයක් වගේ... 'පුතේ මේක හදල තාම මාසයක් නෑ" එහා පැත්තෙ වයසක අංකල් කෙනෙක් කියනවා, "ඊයෙ ට හරියටම මරන දහයයි" අනේ වාසනාවන් කියල අල්ලන් හිටපු පොල්ල මම බදාගත්ත "මුං පාර හැදුව තමා ඒත් කාපුව ඒවයෙ පවට තමා ඔය" අම්මෝ අපි මේ පිළිවතින් සැදී පැහැදී යනකොට මෙයා අපිව බය කරනවා ඒහින්දා අපි ටිකක් ඉස්සරහට ගියා
කොහොමහරි ඔන්න අපි එගොඩගමට ආව. අම්මෝ පායනවා සුපි‍රියට දැන් මෙතන ඉදන් තව කි.මී 5ක් විතර යන්න ඕන. ආදරනීය යාලුව එනකන් අපි ටිකටික ගමන පටන් ගත්ත. අත් දෙක හිස් නිසා අමාරැවක් නැතුව ගිය හැකී, කොහොම හරි ටිකක් කියන්නෙ ගේ ලගටම වගේ යනකොට මූ ලොරියක් අරන් ආව. මොනාඋනත් "මොනාද බන් ගෙනාවෙ කියල මූ අපිව ආදරයෙන් පිලිගත්තා, අපිත් ඉතින් ගේ ලගින් ගන්න ආවෙ උඹ ආව නිසා මොකුත් ගන්නත් බැ‍රිඋනා කියල හුගක් දුක් උනා, හැබැයි ඌනම් ඇත්තටම දුක් උනා. මොනා උනත් උන්ගෙ අම්ම අපිට රයිස් හදල අයියෝ ඇන්ටි අපරාදෙනෙ මහන්සි උනේ කියල අපි ඒ මහන්සියට නිසි වටිනාකම දුන්නා මොනා උනත් තලාකොළවැව පැත්තෙ මිනිස්සුන්ගෙ මාර විදියට මනුස්සකං තියනවා.
එදා උන්ගෙ ගෙදරත් කට්‍ටිය ගොඩයි, ඌට අපි සුදූකියමුකො සුදූගෙ අයිය රට, නෑදෑ අයියල සෙට් එකක් ඉන්නව උන් ඔක්කොම ලෝකෙ කාල මදිපාඩුවට තව ප්‍රොක්සිමා සෙන්චූ‍රියසුත් කන්න වගේ ඉන්නෙ.එයාලගෙ කතා තව ඉස්සරහට දෙන්නම්.
කොහොමහරි නාන්නයි යාලුකම බෙදාගන්නයි අපි ගෙදරින් ටිකක් පිටට ආව වැව පැත්තට කියල හිතාගන්නකො අපේ එකෙක් කොළඹ කැම්පස් ඌ ඩොටා කියමුකො අනිකත් හෙන අංකූරෙක් ඌ විපුල් කියමුකො ඉතින් ඒ ටික කොටු කොටු කොටු
මොනා උනත් කැම්පස් ගියාම ළමයි නරක් වෙනවා ඉස්සර හදුන් කූරැවල දුමත් සැරයි කියන එකා අපට ඇස්වලින් දුං දාල පෙන්නනවා
කොහොම හරි නාල යද්දි සුදූලගෙ අම්ම අපට නූඩ්ල්ස් හදල අනේ ඉතිං මහන්සිය කියල අපි ඒවටත් දශ්ට කලා. ඒකරලා කාපුවා බහින්න නිදාගත්ත මේකෙ හොද හොද සීන් මැද තියනවා ඒටික ටික ටික දාන්නම්කො